හඳහනට තියෙන ඉතිහාසය බැලුවොත් ලංකාවට ගෘහ නිර්මාණ ශිල්පය වැනි විවිධ කලාවන් ලැබුණා වගේ ජෝතිෂ්‍යයට ද අපට ඉන්දියාවේ ලැබුණු ආභාෂයක් තියෙනවා. ඇත්තටම බැලුවොත් හඳහනේ මූලාරම්භය නැතිනම් original version තියෙන්නෙ ඉන්දියාවේ.

අපි හඳහන ගැන කතා කරන්න කලින් බලමු ලංකාවේ අංක එකේ ව්‍යාපාරිකයා වන ධම්මික පෙරේරා මහතා හඳහන ගැන කියන්නේ මොනවද කියලා.

මෙය Talk with Chathura වැඩසටහනෙන් උපුටා ගන්නා ලද කොටසකි.
මෙතුමා සඳහන් කරන්නේ විද්‍යාවෙන් පැහැදිලි කළ හැකි කොටස් මෙතුමා විශ්වාස කරන බවත් යම්කිසි කාරණාවල සත්‍යක් තිබෙන බවත්ය. එසේම රාහු කාලය පිළිබඳ සැලකිල්ලක් දක්වන බව එතුමා සඳහන් කරයි.

සම්පූර්ණ වැඩසටහන මෙතැනින් බලන්න.

එසේනම් අපි බලමු නිවැරදිව පරීක්ෂා කරන ලද ජෝතිෂ්‍යය වාර්තාවකින් අපේ ජීවිතය සාර්ථක කර ගන්නේ කොහොමද කියලා

ඉතින් මුලින්ම මතක් කරන්න කැමතියි වතුර වුණත් ඕනවට වඩා බිව්වොත් ඒක ඇඟට අගුණ වෙනවා. ඒ වගේම තමයි ජෝතිෂ්‍යය ඕනෑවට වඩා කරපින්නා ගෙන ඉන්න ගියොත් ඒක අපිට අවාසියක් වෙනවා.

  •  ආර්ථික තත්වය යහපත් කර මුදල් ඉපයීමේ මාර්ග වැඩි දියුණු කර ගැනීමට

ඔබට දියුණුව ගෙන දෙන රැකියාවන් හා ව්‍යාපාර පිළිබඳ පැහැදිලි විස්තරයක්, සාර්ථක හඳහන් පරීක්ෂාවකින් ලබාගත හැකිය. තවද ඒවා සාර්ථක වන කාලයන් ද ඔබට දැකගත හැකිය.
එසේම ඔබට වාසනාව ගෙනදෙන විශ්ව ශක්තිය ඔබ වෙත ළඟා කර ගැනීම සඳහා පැළඳිය යුතු මැණික් වර්ග වල නිර්දේශයන් ලබාගැනීමෙන් තව තවත් ඔබගේ රැකියා හා ව්‍යාපාර දියුණුවට පත් කරගත හැක.
බොහොමයක් පුද්ගලයින්යන් තමන්ට ලැබීමක් නොමැති රැකියාවන් හා ව්‍යාපාරවල නිරතවෙමින් තව තවත් තම ධනය නාස්ති කරගන්නවා අප ඕනෑ තරම් දැක ඇත.

  •  සාර්ථක විවාහ ජීවිතයක් ලබාගැනීමට

ඔබගේ හඳහනට අනුව ඔබගේ සහකරු හෝ සහකාරියගේ විස්තරයක් ඔබට ලබාගත හැක. විවාහයට සුබ කාලය මෙන්ම පොරොන්දම් පරීක්ෂාවකින් ඔබ දෙපළගේ ගැලපීම් සහ නොගැලපීම් පිළිබඳ අවබෝධයක් ලබාගෙන කටයුතු කළ හැකි වීම.
තවද විවාහ ප්‍රමාදයකින් ඔබ පසුවන්නේනම් ඔබට විවාහය සාර්ථක කරගත හැකි කාල පරාසයන් මෙන්ම විවාහ ප්‍රමාදය වළක්වාගැනීමට ප්‍රායෝගික ප්‍රතිකර්මද ලබාගත හැකිය.
එසේම ඔබ දරුඵල අපේක්ෂා වෙන් සිටින අයෙක් නම් වාසනාවන්ත දරු උපත් ලඟාකර ගත හැකි කාල පරාසයන් මෙන්ම දරුඵල ප්‍රමාදය සඳහා ප්‍රායෝගික විසඳුම් ද ලබාගත හැකිය.

  • විදේශගත වීම පිළිබඳ දැනගත හැකිය

බොහොමයක් පුද්ගලයින්යන් විදේශගතව තම ජීවිතය සාර්ථක කර ගන්නවා ඔබ දැක ඇත. ඔබටත් විදේශගතවීම් හිමිද ඒ කුමන කාලයක ද විදේශගතවීමේ ඔබ සාර්ථකවේද වගේ තොරතුරු ඔබට හඳහන් පරීක්ෂාවකින් ලබාගත හැක.

  • අනාගතයට පෙර සූදානමක් ලබා ගත හැකි වීම

ඔබට ඇතිවිය හැකි කරදර ලෙඩ රෝග බාධක කලින්ම හඳුනාගෙන ඒවාට සුදා සූදානම් විය හැකිය. උදාහරණ ලෙස ඔබට රිය අනතුරු බහුල කාලයක් නම් ඔබ වේගයෙන් රිය පැදවීමෙන් වැළකී වෙනදාට වඩා පරිස්සමෙන් රිය පද විය හැකිය. එසේම ඔබට ලෙඩ රෝගයක් සම්බන්ධ අනතුරු අඟවා ඇත්නම් එය මූලික අවස්ථාවේදීම හඳුනාගෙන නිසි වෛද්‍ය ප්‍රතිකාර සිදුකර, ඒවා උත්සන්න වීම වළක්වා ගෙන සුවපත් තත්ත්වයට පත්විය හැකිය.

ඔබ අත්දැකීම් නොමැති ආයතනයකින් හෝ ජෝතිෂ්‍යවේදීයකුගෙන් සේවාව ලබා ලබාගැනීමෙන් ඔබට සෘණාත්මක සිතුවිලි ඇතිවිය හැක. ඔබව අනිසි ලෙස බියගැන්වීම් සිදුකළ හැකිය. එම නිසා සමාජයේ පිළිගත් පුද්ගලයන් විසින් හෝ ඔබ දන්නා හඳුනන අයෙකු විසින් නිර්දේශ කරනු ලබන ආයතනයකින් සේවය ලබාගැනීමට වග වග බලාගන්න.

horoscope reading sinhala sri lanka

හරි තැනකින් හඳහන බලා ගන්නේ කොහොමද?

 ඉතින් ගොඩක් අයට තියෙන ප්‍රශ්ණයක් තමයි softwares වලින් හඳහන බලාගන්න එක හොදද නැතිනම් ජෝතිෂ්‍යවේදියෙකු හමුවිය යුතුද යන්න කාරණාව.
ඔබට යම්කිසි කාරණාවක් සම්බන්ධයෙන්යෙන් විශේෂයෙන් දැනගැනීමට අවශ්‍ය නම් ඔබ ප්‍රවීණ ජෝතිෂ්‍යයවේදියකු හමුවීම වඩාත් යෝග්‍ය වේ.

ඔබට හඳහන පිළිබඳ දීර්ඝ විස්තරයක් ලබා ගැනීමට අවශ්‍යය නම් ඒ සඳහා ඇති විශේෂිත පරිගණක මෘදුකාංග මගින් ලබාදෙන සුවිශේෂී පලාඵල වාර්තා වඩාත් යෝග්‍ය වේ.
මෙම සුවිශේෂී පරිගණක මෘදුකාංග නිෂ්පාදනය කර ඇත්තේ ද ප්‍රවීණ ජෝතිෂ්‍යයවේදීන් සමූහයකගේ දැනුම උපයෝගීකර කරගෙනය.

පරිගණක මෘදුකාංග මගින් පලාඵල විස්තර ලබා දී, ඔබ විමසන ඔබට සුවිශේෂී වූ ගැටලු සම්බන්ධයෙන් පිළිතුරුද ලබා දී ඒ සඳහා පිළියම්ද ලබාදෙන ජෝතිෂ්‍යය පිලිබඳ මනා දැනුමක් ඇති සුවිශේෂී ආයතන ද කලාතුරකින් අන්තර්ජාලය හරහා ඔබට සොයාගත හැකිය.

කෙසේ වෙතත් සේවාව ලබාගැනීමේදී කලින් සේවාව ලබාගත් අයගේ අදහස් විමර්ශනය කර බලන්න.
හඳහන පරික්ෂා කිරීම් හෝ නොකිරීම ඔබගේ කැමැත්ත පරිදි සිදු කළ යුතු අතර සත්‍ය හා නිවැරදි පලාඵල වාර්තාවක් සෑම විටම ඔබගේ නිවැරදි උපන් වේලාව මත පදනම් වන බව කාරුණිකව මතක තබා ගන්න.

විශ්වාස කරන නොකරන හැම යාලුවටම බලන්න මේ article එක share කරන්න අමතක කරන්න එපා.
ස්තුතියි.