නම: හෙන්රි චාල්ස් ඇල්බට් ඩේවිඩ්

ස්තිර් පුරුශ: පිරිමි

උපන් දිනය: 1984 සැප්තැම්බර් 15 සිකුරාදා

උපන් වේලාව: 12:00:00 AM

උපන් ස්ථානය: ලන්ඩන්

හැරී කුමරු පිළිබඳ කෙටියෙන්
හෙන්රි චාල්ස් ඇල්බට් ඩේවිඩ් නොහොත් හැරී කුමරු , බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ සාමාජිකයෙකු හා සසෙක්ස් හි ආදිපාදවරයා වන ලෙස හැදින්විය හැකිය. නිල වශයෙන්, ඔහු වේල්ස් හි හෙන්රි කුමරු ලෙස හැඳින්වේ. හැරී කුමරු 1984 සැප්තැම්බර් 15 වන දින ශාන්ත මරියා රෝහලේ ලින්ඩෝ අංශයේ උපත ලැබීය. ඔහු තෙවන චාල්ස් රජුගේ සහ වේල්ස් කුමරිය ඩයනාගේ බාල පුත්‍රයාය. ඔහු 1984 දෙසැම්බර් 21 වන දින හෙන්රි චාල්ස් ඇල්බට් ඩේවිඩ් ලෙස නම් කරන ලදී.

ඔහු බ්‍රිතාන්‍ය සිංහාසනයේ අනුප්‍රාප්තිකයන් ගේ පස්වැනියාය. 2018 දී හැරී ඇමරිකානු නිළි මේගන් මාක්ල් සමඟ විවාහ වීමට පෙර සසෙක්ස් හි ආදිපාදවරයා බවට පත් කරන ලදී. ඔවුන්ට ආචී කුමරු සහ ලිලිබෙට් කුමරිය ලෙස දරුවන් දෙදෙනෙක් සිටිති. 2020 ජනවාරි මාසයේදී, මෙම යුවළ රාජකීය පවුලෙන් ඉවත් වී ආදිපාදවරියගේ නිජබිම වන දකුණු කැලිෆෝනියාවට ගියහ. 2020 ඔක්තෝම්බර් මාසයේදී, ඔවුන් සමාජ සේවා ක්‍රියාකාරකම් සහ නිර්මානාත්මක මාධ්‍ය ව්‍යාපාර කෙරෙහි අවධානය යොමු කරන ඇමරිකානු මහජන සංවිධානයක් වන Archewell Inc., ආරම්භ කලහ.

හැරී කුමරුගේ සාර්ථකත්වය: ජ්‍යොතිෂය දෘෂ්ටිකෝණයෙන්

ජෝතිෂ්‍ය දෘෂ්ටිකෝණයකින් හැරී කුමරුගේ ජීවිතය පිළිබඳ කෙටි දැක්මක් මෙහි දැක්වේ. හැරී කුමරු ඔහු අවට සිටින පුද්ගලයින්ගේ හැඟීම් තේරුම් ගැනීමට සහ ඉක්මන් ප්‍රතිචාර දැක්වීමට හැකියාවක් ඇත. බෙරණ නැකතින් උපන් ඔහු තමාගේම නීතිරීති මත ජීවිතය ගත කිරීමට කැමැත්තක් දක්වයි. කුමරු හැදින්විය හැක්කේ අන්‍යයන්ගේ රුචි අරුචිකම් හා අවශ්‍යතා වලට අනුව ජීවත් වීමට අපහසු චරිතයක් ලෙසයි. තවද ඔහුගේ සාර්ථකත්වයට ප්‍රධාන සාධකය ලෙස, අසාර්ථකත්වය හමුවේ බලාපොරොත්තු සුන්වීමකින් තොරව ශක්තිමත් ලෙස කටයුතු කිරිමයි. ඔහු බොහෝ දෙනාගේ ප්‍රසාදයට ලක් වනු ඇති අතර ඔහු අවට සිටින පුද්ගලයන් ද ඔහුගේ ගුණාංග අනුගමනය කරයි. හැරීගේ උපන් වේලාවෙන් පෙන්නුම් කරන්නේ ඔහුගේ ජීවිතය දුක්ඛිත හා ප්‍රීතිමත් කාල පරිච්ඡේදයන් හරහා ගමන් කරන බවයි; ඔහුගේ සැලසුම් ඔහුගේ අභිමතය පරිදි වෙනස් විය හැකිය. ඔහු සාමාන්‍යයෙන් ප්‍රියජනක පුද්ගලයෙකි. හැරීගේ කේන්දරයේ ලග්නයේ පිහිටීම මත පදනම්ව ඔහු බුද්ධිමත්, හොඳ සංවාදශීලී සහ නොසන්සුන් ගති ඇති පුද්ගලයෙකු ලෙස විස්තර කෙරේ. භෞතිකව, ඔහු උස හෝ සෘජු සිරුර, ආකර්ෂණීය ඇස් හොඳ ශක්තියක් ඇති බව පෙන්නුම් කරයි. හැරීගේ කේන්දරයෙන් පෙන්නුම් කරන්නේ ඔහු සතුටින් විවාහ ජීවිතයක ගත කරන බවයි. බ්‍රහස්පති ග්‍රහයා සඳුට බලපාන බැවින් ඔහුගේ විවාහ ජීවිතය සුමට හා ප්‍රීතිමත් වනු ඇත.

හැරී කුමරුගේ කේන්දරයේ පිහිටා ඇති යෝග

හංස යෝගය
හංස යෝගය හේතුවෙන් හැරී කුමරු ප්‍රසිද්ධ හෝ කීර්තිමත් පවුලකින් පැවත එන්නකි. ඔහුගේ වදන් සහ ක්‍රියාවන් කරුණාවන්ත හා පුණ්‍යවන්ත ය. ඔහු කඩවසම් හා ධනවත් පමණක් නොව, වාසනාවන්තයි. ඔහුගේ බිරිඳ කැපී පෙනෙන කාන්තාවක් වන අතර ඇය සමඟ සතුටු වනු ඇත. ඔහු තම විශ්වාසයන් තුළ ස්ථීර වන අතර හදවතින් නිර්මල ය.

නීච බංග රාජයෝගය
මෙම ග්‍රහ පිහිටීම නිසා හැරී ඉතා වාසනාවන්ත වන අතර උසස් තනතුරුවලට පත් වේ. ඔහුගේ සියලු ගනුදෙනුවලදී ඔහු සාධාරණයි.

ද්විග්‍රහ යෝගය
ඔහු වැඩි වැඩියෙන් දැනුම ලබා ගැනීමට නැඹුරු වනු ඇත. ඔහුගේ බුද්ධිය සහ ඉගෙනීමේ හැකියාව නිසා අවදානය හා අකර්ෂණය ඔහු වෙත ඇදී එනු ඇත. නමුත් ඔහුට ස්ථිර මතවල සිටිය හැක්කෙ කලාතුරකිනි. අන් අයටද ප්‍රතිලාභ ගෙන දෙන ව්‍යාපෘති තුළින් මුදල් ඉපැයීමේ අවස්ථා තිබේ. ඔහුගේ විස්මිත සන්නිවේදන කුසලතා ඔහුට බොහෝ අගය කරන්නන් දිනා දෙනු ඇත.